22nd July 2020 18:04:54 Hours
යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් වසර 35 කට නොවැඩි කාලයක් දේශය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ විශ්‍රාම දිවියට සුබපැතුම් එක්කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තු මූලස්ථානයේදී ඉකුත් ඉරිදා (19) දින එතුමන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ව එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් පිළිගන්වනු ලැබීය. ඉන් අනතුරුව, සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා ගෞරවාචාර දැක්වීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමීයේ ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී. අනතුරුව, නුදුරේදි යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුර ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය.
ඉන් අනතුරුව, එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පුද කළේය. පසුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර එහිදි එතුමන් ඔවුන් සමඟ අතීත මතකයන්ගෙන් බිදක් ආවර්ජනය කරමින් සුහද පිළිසඳරක ද නිරත විය.
ඉන් අනතුරුව, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් විසින් ‘විශේෂ රාත්‍රි සාදයක්’ ද පැවැත්වූ අතර මෙදින, මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සියළු භටපිරිස් අමතමින් එදින සරඹ භූමීයේදී සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේදී මෙන්ම නිලධාරී නිවස්නයේදී, එතුමන් වෙත දැක්වූ ගෞරවාචාරයන් මෙන්ම විශේෂ උත්සව අවස්ථාවන් වෙනුවෙන් හා 35 වසරක යුද්ධ හමුදා සේවා කාලය තුළ සිය රාජකාරි මැනවින් ඉටු කිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියලුම සාමාජිකයන්ට සිය සුබ පැතුම් එක්කරමින් කෘතඥතාවය පළ කළේය.
මෙම උත්සවය අවසානයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විය.
එම අවස්ථාව වෙනුවෙන් විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලයන් රැසක් ද සහභාගී වූහ. Buy Kicks | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival