Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2020 11:24:43 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ සහ විශබීජ නාශක තොගයක් පරිත්‍යාග කරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රුපියල් ලක්ෂයක වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්‍ෂණ උපකරණ, විෂබීජ නාශක සහ තවත් සෞඛ්‍යාරක්‍ෂණ උපකරණ විශාල තොගයක් බෞද්ධ සංවිධානයක් වන ශ්‍රී බෝසත් ආර්ය ශ්‍රාවක පදනම වෙතින් පරිත්‍යාග කරනු ලැබිණි.

බටහිර ආරක්‍ෂක සේනා මූළස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් එන්. මහවිතාන ගේ සම්බන්ධීකරණය ඇතිව අඟහරුවාදා (21) දින බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත මෙම තොගය භාරදෙනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී බොසත් ආර්ය ශ්‍රාවක පදනමේ සභාපති පී.එස්.එම්. ස්වර්ණසිරි, භාණ්ඩාගාරික ඒ.එම්.සී.එම්. බණ්ඩාර සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ටී.එම්. අබේරත්න ද සහභාගී වූහ. Running sports | Air Jordan