20th July 2020 11:14:43 Hours
කොළඹ රතු කුරුස සංගමය විසින් ඉකුත් සිකුරාදා (17) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර වෙත තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 1000 ක් පරිත්‍යාග කරනු ලැබිණි.
රතු කුරුස සංගමයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර මහතා, ජාතික රතු කුරුස මූලස්ථානයේ සභාපති ජගත් අබේසිංහ මහතා, රතු කුරුස සංගමයේ පොළොන්නරුව ශාඛාවේ ලේකම් ගාමිණි නන්දකුමාර මහතා සහ එම සංගමයේ විධායක නිලධාරි සමන්ති විජේකෝන් මහත්මිය එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර හමු වූ අතර එහිදී, කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීමේ සහ නිරෝධායන කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණ තොගය පරිත්‍යාග කරනු ලැබීය.
සම්මත වෛද්‍ය ක්‍රමවේදයන් යටතේ නිෂ්පාදනය කර ඇති මෙම උපකරණ තොගය උපරිම පිරිසකට පහසුකම් සැලසීම සඳහා නැගෙනහිර පළාතේ නිරෝධායන මධ්‍යස්ථාන සහ විශේෂ ප්‍රතිකාර ඒකකයන්හී සේවයේ යෙදී සිටින සිවිල් වෛද්‍ය කාර්ය මණ්ඩල සහ හමුදා සාමාජිකයින් අතර බෙදා හැරීමට නියමිතය. Authentic Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys