21st July 2020 21:56:02 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතියන්හී තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ යෝජනාවක් මත පසුගිය මාස කිහිපය තුල යාපනය අර්ධද්වීපයේ අඩුආදායම්ලාභි සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස සඳහා මුල්ගල් තැබීම් සහ ඉදිකරනු ලැබූ නිවාස විවෘත කිරීමේ කටයුතු සිදු කෙරිණි.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශිලියෙකු වන කුමාර වීරසූරිය සහ එතුමන්ගේ මිතුරන් චුන්නාකම් ප්‍රදේශයේ උඩුවිල දකුණේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් සඳහා තවත් නව නිවසක් ඉදිකිරීමට සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.
කරවෙඩ්ඩි ප්‍රදේශයේ සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර ගේ අධීක්‍ෂණය යටතේ 551 වන බලසේනාව යටතේ ඇති 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලැබීය.
එම නව නිවසක විවෘත කිරිමේ සමාරම්භක උත්සවය සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551 වන බලසේනායේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කරවේඩ්ඩි දිස්ත්‍රික් ලේකම් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.
මේ අතර, යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචි අඩුආදායම්ලාභි කාන්තාවක් වන කෙනිස්තියා සුදාකර් (Kenistiya Sudakar) මහත්මිය සහ ඇයගේ පවුලේ උදවිය වෙනුවෙන් 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව තවත් එක් නව නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් දැමීමේ උත්සවයකට ද එම පරිත්‍යාගශීලීන් ඉකුත් සඳුදා (20) දින සහභාගී වූහ.
එම සේනාංකය යටතේ ස්ථාපිත 551 වන බලසේනාවට අනියුක්ත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීමේ කටයුතු ද සිදු කිරිමට නියමිතව ඇත. Sports News | NIKE HOMME