Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 23:48:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව “ජාතික සංහිදියාවේ සංකේතයක්” වූ බව පුන්කුඩිතිවු නිවාස විවෘත කරමින් උතුරු ආණ්ඩුකාරවරයා පවසයි

යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු නිවාස ඉදිකිරිමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව “ජාතික සංහිදියාවේ සංකේතයක්” ලෙස යාපනය අර්ධද්වීපයේ වේලානායි ප්‍රදේශයේ පුන්කුඩිතිව් ගම්මානයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවාස 25ක් අද (18) දින ප්‍රතිලාභීන් වෙත පවරාදෙන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන හා නිවාස අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතියට අවශ්‍ය සම්පූර්ණ මූල්‍යමය පරිත්‍යාගයන් ලබාදී ඇති අතර, එහි ඉදිකිරිම් කටයුතු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 5 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලැබීය.

මෙම නිවාස යෝජනා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ පතිනාදන් මහතා, - උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම්, එල් ඉලංගෝවන් මහතා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය මෙම අවස්ථාව “ජාතික සංහිදියාවේ සංකේතයක්” ලෙස අර්ථ දක්වමින් ප්‍රකාශ කර සිටියේ “මම වසර ගණනාවක් තිස්සේ හමුදාව සමඟ සමීපව කටයුතු කර ඇති අතර ඔවුන් ඕනෑම වේලාවක ඕනෑම ඉලක්කයක් නිවැරදිව ඉටු කිරීමට හැකි පිරිසක් බවයි. අඩු ආදායමක් ඇති පුද්ගලයින් සඳහා අද මෙම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සාමකාමී සහජීවනය සඳහා ආදර්ශයක් වන අතර එය ජාතික සමගිය සංකේතයක් ලෙස සදාකල් පවතින බවද පැවසු ඇය මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වූ යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් නිලධාරීන් ඇතුළු අනෙකුත් සියලුම පුද්ගලයින්ටද එහිදි සිය කෘතඥතාවය පළ කළාය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟපෙන්වීම මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ අධික්‍ෂණය යටතේ මෙම නිවාස යෝජනා ක්‍රමයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරනු ලැබු අතර, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් එල්. ඉලන්ගෝවන් මහතා විසින් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා දායක වී ඇත. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරිම් කටයුතු 5 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීගේ උපදෙස් මත යුද්ධ හමුදා භටයින්ගේ තාක්‍ෂණික හා වාස්තු විද්‍යාත්මක විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් සිදු කරනු ලැබු අතර, එහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය වී තිබේ. මෙම නිවාස විදුලිය, ජලය, සනීපාරක්ෂක පහසුකම්, කෑම කාමරය, නිදන කාමර, මුළුතැන්ගෙය සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වලින් ද සමන්විත වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආණ්ඩුකාරවරයා සහ විශේෂ ආරාධිත අමුත්තන් සමඟින් හින්දු ආගමික සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ සමරු පලකය නිරාවරණය කරමින් සංකේතාත්මකව නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක් විවෘත කරනු ලැබීය. අනතුරුව නිවාස ලාභින් 25 දෙනා වෙත ඔවුන්ට හිමි නිවාසවල යතුරු ලබාදීම සිදු කරනු ලැබු අතර, වැඩසටහන අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැමිණ සිටි පිරිස සමග සුහඳ අදහස් හුවමාරුවක ද නිරත වූහ. වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලද මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රතිලාභීන්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වූහ. Sneakers Store | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ