Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2020 18:14:43 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන මිනිසුන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කරන ලද ආරාධනයකට අනුව පරිත්‍යාගශිලියෙකු වන කුමාර වීරසූරිය සහ එතුමන්ගේ මිතුරන් දෙවෙනි වරටත් චුන්නාකම් ප්‍රදේශයේ උඩුවිල දකුණේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.

යාපනය ප්‍රදේශයේ පදිංචි කේ. සහීඩා (K.Sahida) මහත්මිය සිය පවුලේ සාමාජිකයන් සමඟ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව දැනගැනීමෙන් පසු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය පරිත්‍යාගශීලින් සමඟ එක්ව ඔවුන්ට නව නිවසක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය 51 වන සේනාංකයේ අධීක්‍ෂණය මත, 511 වන බලසේනාව යටතේ ඇති 9 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයට අනියුක්ත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා පිරිස් බලය ලබාදී එහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදි තිබිණි.

නිවාස ප්‍රතිලාභීන් වෙත මෙම නව නිවසෙහි යතුරු භාරදීම ඉකුත් ඉරිදා (19) දින පැවති උත්සවයකදී සිදු කෙරුණු අතර, එහිදි නිවසට අත්‍යවශ්‍ය ගෘහ උපකරණ තොගයක් ද ඔවුන් වෙත පරිත්‍යාග කරනු ලැබිණි.

නව නිවස භාරදීමේ උත්සවය එහි පරිත්‍යාගශීලියා වූ වීරසූරිය මහතා ඇතුළු පිරිසෙහි සහභාගිත්වයෙන් හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව සිදුකෙරිණි.

මෙම සමාරම්භක උත්සවය සඳහා 51 වන සේනාංකය යටතේ සිටින බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

තවද, එම පරිත්‍යාගශීලීන් විසින් ඉකුත් ඉරිදා (19) දින උළුවිල් දකුණ ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් විවෘත කළ අතර, එහිදි කොඩිකාමම් දකුණෙහි ජීවත්වන තවත් අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට අනුග්‍රහයකත්වය ලබාදීම සඳහා ද එකඟ වූහ.

මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, පරිත්‍යාගශීලීන් සමඟ එක්ව මංජුලා ඥානේෂ්වරන් මහත්මිය වෙනුවෙන් මෙම නව නිවස ඉදිකිරීමට මුල් ගල තැබු අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් වලට අනුව 7 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය දායකත්වය සපයනු ලබයි. affiliate tracking url | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today