Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2020 21:35:58 Hours

නික්ම යන 68 වන සේනාංක සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාර

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ නික්මයෑම සනිටුහන් කරමින් ඉකුත් සිකුරාදා (17) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පවත්වනු ලැබීය.

68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිය. අනතුරුව එම කඳවුරු පරීශ්‍රයේ පිහිටි සරඹ භූමියේදී භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක ගෞරවාචාරය පිරිනමනු ලැබූ අතර, එතුමන් දර්ශණීය පීඨීකාවක මත හිද පිළිගනු ලැබීය. අනතුරුව, මූලස්ථාන පරිශ්‍රයේ දී සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, ඉනික්බිති නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක සියළු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් තම සේවා කාලය තුල දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ඔවුන් වෙත පුද කරනු ලැබීය.

දිනයේ වැඩසටහන අවසානයේ දී සේනාංකාධිපතිතුමන් වෙනුවෙන් පිළියෙල කර තිබු සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වීමෙන් අනතුරුව විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සමරු සටහනක් තැබීමට ද එතුමන් අමතක නොකළේය. මෙම අවස්ථාව සඳහා සියළු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් ද එක්ව සිටියහ. trace affiliate link | Sneakers