Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2020 19:04:51 Hours

උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් යුද හමුදා මූලික රෝහලක් විවෘත කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (18) දින පස්වරුවේ යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් යාපනය, වාසවිලාන් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඇඳන් 60 කින් සමන්විත නව යුද්ධ හමුදා මූලික රෝහල විවෘත කරනු ලැබිණි.

යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ඔවුන්ගේ ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් නව යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරාධනයෙන් ආගමික වතාවත් මධ්‍යයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව යුද්ධ හමුදා මූලික රෝහල විවෘත කරන ලදී. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සමගින් යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ සෑම ඒකකයක්ම නිරීක්‍ෂණය කල අතර ඉන් එක් එක් අංශ ප්‍රධානීන් සමඟ අදහස් කිහිපයක් ද බෙදාගත්හ‍.

නව රෝහලේ ආරම්භය මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රථම රෝගියා වශයෙන් ලියාපදිංචි කිරීමෙන් සනිටුහන් විය. මෙම නව රෝහල බාහිර රෝගී අංශයක්, හදිසි ඒකකයක්, සැත්කම් ඒකකයක්, රසායනාගාරයක්, ලේඛන අංශයක්, ඖෂධ ශාලාවක්, විවෙක වාට්ටුවක්, කාන්තා වාට්ටුවක්, වෛද්‍ය උපකරණ ගබඩාව, නිලධාරීන් සඳහා වාට්ටුවක්, එක්ස්-රේ, ECG අංශය, භෞතික වෛද්‍ය අංශයක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයක්, දන්ත සේවා අංශයක් මෙන්ම පුහුණු අංශයකින්ද සමන්විත වේ. ප්‍රදාන ආරාධිත අමුත්තා එම අවස්ථාවෙන් නික්මයාමට පෙර එම රෝහලේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. මෙම උත්සව අවස්ථාව සමාජ දුරස්ථභාවය හා වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලදී. Running sport media | GOLF NIKE SHOES