21st July 2020 19:23:47 Hours
වාරිමාර්ග විශේෂඥතාව සහිත යාපනයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් හිරු කිරණ බලශක්ති ප්‍රභවයක් ලෙස යොදාගනිමින් පලාලි ප්‍රදේශයේ නවීනතම වාන් දොරටු සහිත නව වැවක් ඉදිකර නිමවූ අතර එහි සොරොව් ගේට්ටුව සහ ශාරීරික යෝග්‍යතා මංතිරුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා අද (18) දින උදෑසන එම වැව් ඉස්මත්තේ දී පැවති උත්සවයක දී විවෘත කරනු ලැබිණි.
යාපනය ප්‍රදේශයේ සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති වලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ‘රවිඳු වාපි’ නම් පලාලි වැව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟපෙන්වීම යටතේ 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ඉංජිනේරු බළකා රෙජිමේන්තු භටපිරිස් එක්ව නිර්මාණය කල අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම මහඟු කාර්යභාරය යුද්ධ හමුදා භටපිරිස් වෙත භාර දී තිබිණි.
මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර වැව් බැම්ම අසළ පැළයක් රෝපණය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් එම වැව විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ වැව් බැම්ම දිගේ වැව වටා සංචාරය කරමින් අවට පරිසරය ද නිරීක්‍ෂණය කරනු ලැබීය.
මෙම වැව ඉදිකිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි තාක්‍ෂණික අධීක්‍ෂණය සහ මූල්‍යමය ආධාර යාපනය වාරිමාර්ග ඉංජිනේරුවන් විසින් සපයනු ලැබිණි. අවට ප්‍රදේශවල තිබෙන ජලය රඳවා තබා ගැනීම සඳහා භූ විද්‍යාත්මකව දායක වන එම කලාපය තුළ වාන් දොරටු සහිත එකම වැව මෙය වන අතර, අවශ්‍ය වැසි ජල සම්පත මෙම වැව තුළ ගබඩා කිරීමට ද අපේක්‍ෂා කෙරේ.
නැඟෙන හිරු කිරණ මෙන් යාපනය ප්‍රදේශයේ යහපැවැත්ම වෙනුවෙන් ශක්තිය සපයන බව අර්ථවත් වන ‘රවිඳු වාපි’ නම් වැව තුළ වැසි ජලය ඝණ මීටර් 65 ක් පමණ රඳවා ගැනීමේ ධාරිතාවක් පවතින අතර පරිමාවෙන් මීටර් 900 ක් පමණ ප්‍රදේශයක් ආවරණය කෙරේ.
මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 51, 52 සහ 55 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් සහ ඉදිරි නඩත්තු පෙදෙස උතුර ආඥාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූ අතර මෙම සමාරම්භක උත්සවය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් පවත්වනු ලැබිණි.
ඉන් අනතුරුව, පලාලි යුද්ධ හමුදා කඳවුර තුළ නවීන පහසුකම්වලින් සමන්විත සියළු නිලයන් සඳහා ප්‍රතිසංස්කරණය කරනු ලැබු කායවර්ධන මධ්‍යස්ථානයකින් සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයකින් සමන්විත ගෘහස්ථ ක්‍රීඩාගාරය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ආරාධනයෙන් අද (18) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කරන ලදී.
අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම සංචාරය සිහිවනු වස් කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමරු පලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කළේය.
මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සුභසාධන අරමුදලින් සහ භට පිරිස්හී ශ්‍රම දායකත්වය ඇතිව ඉදිකරනු ලැබීය. එම ක්‍රීඩාගාරය තුළ අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් පිටියක්, ටෙනිස් පිටියක්, පැසිපන්දු පිටියක් සහ වොලිබෝල් පිටියකින් ද සමන්විත වේ. මෙම උත්සව අවස්ථාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිගේ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව අවසන් විය.
සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා අඥාපති, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. latest Running | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth