Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2020 19:30:30 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමික දිවියට පා තබන මේජර් ජෙනරාල් දීප්ති ජයතිලකට 68 වන සේනාංක මූලස්ථානයේ උපහාරය

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඉකුත් බදාදා (15) දින සිය නික්ම යාම වෙනුවෙන් 68 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

68 වන සේනාංක මූළස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මුලතිව් ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයේ (drive-past) ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබිණි. පසුව, එතුමන් එම මූලස්ථානයේ සියළුම නිලයන් සමඟ සමූහ ඡායාරූපයක් සඳහා ද එක්විය. නික්ම යන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක භටපිරිස් අමතමින් සිය ධූර කාලය තුළ එතුමන් වෙත දැක්වූ සහයෝගය ‍වෙනුවෙන් සියළු නිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේයත.

මෙදින වැඩකටයුතු අවසන් වීමට ප්‍රථම, 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම එතුමන් විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. latest Nike Sneakers | adidas NMD Human Race