17th July 2020 21:45:27 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින පස්වරුවේ යාපනයේ අර්ධද්වීපයේ දින දෙකක සංචාරයක නිරත වන අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 55 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති නවීන කායවර්ධන මධ්‍යස්ථානය සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයකින් සමන්විත ගෘහස්ථ ක්‍රීඩාගාරය සම්ප්‍රදායානුකූලව විවෘත කරනු ලැබිණි.
යුද්ධ හමුදාධිපතිවරයෙකු යාපනය අර්ධද්වීපයේ පිහිටි 55 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බැවින් මෙම සංචාරය ඉතිහාසගත වනු ඇත.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ආශිර්වාදය ඇතිව 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර ගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා AIA රක්‍ෂණ සමාගම සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහය දැක්වීය. තවද, එම අනුග්‍රාහකත්වය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ඉල්ලීම පරිදි නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ඩී.එම්.එස්. ජයවර්ධන විසින් ද දායකත්වයක් ලබා දී තිබිණි.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා, සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කිරීම සංකේතවත් කරනු ලැබීය.
නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ස්ථාපනය කර ඇති නවීන ශාරීරික යෝග්‍යතා උපකරණ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.
ගෘහස්ථ ක්‍රීඩාගාරය විධිමත් ලෙස විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ රැස්ව සිටි අනුග්‍රාහක භවතුන් අමතමින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරනු ලැබිණි. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූවන් වෙනුවෙන් විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළ අතර ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ද එතුමන්ගේ පැසසුමට ලක්විය.
මෙම අවස්ථාවට එක් වූ ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ඩී.එම්.එස්. ජයවර්ධන විසින් කොවිඩ් - 19 වෛරසයට එරෙහිව සිදුකරනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැඩි කැපවීමෙන් ඉටු කරනු ලබන මෙහෙවර අගය කරමින් විශේෂ සමරු තිළිණයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරනු ලැබිණි.
ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීම වසර ගණනාවක් තිස්සේ කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනාංක මූලස්ථාන භටයින්ගේ අවශ්‍යතාවයක් වූ අතර සම්පත් හිඟකම හේතුවෙන් මෙම අවශ්‍යතාවය යාපනයේ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට මෙතෙක් සිදුකිරීමට හැකියාවක් නොතිබිණි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කෝෂිලා ජයවර්ධන මහත්මිය, කෑගල්ල AIA රක්‍ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු චන්න දුනුසිංහ මහතා සහ සන්නද්ධ හමුදාවන්හී සැබෑ ඇඳුරෙකු වන ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ඩී. එම්. එස්. ජයවර්ධනගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙන්ම 55 වන සේනාංකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික සහය ඇතිව මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරනු ලැබීය.
රුපියල් මිලියන 6.5 ක පිරිවැයක් දරමින් නිමකරනු ලැබූ මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය අඩි 110 ක් දිග දැවැන්ත ඉදිකිරීමක් වන අතර එය අඩි 60 ක් පළල සහ අඩි 35 ක උසකින් සමන්විත වන අතර එහි බැඩ්මින්ටන් පිටියක් සහ අංග සම්පූර්ණ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත. Sports Shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ