Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2020 21:13:19 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කොවිඩ් - 19 වෛරස් තත්ත්වය පිළිබඳව නිරීක්‍ෂණයකට උතුරේ සංචාරයක

(මාධ්‍ය නිවේදනය)

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින උදෑසන කිළිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හී වත්මන් තත්ත්වය පිළිබඳ සහ එහි අවශ්‍යතාවයන් නිරීක්‍ෂණය කළේය. එහිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ජාතික මෙහෙවර එතුමන්ගේ දැඩි පැසසුමට ලක් විය.

මෙම සංචාරය අතරතුර අභිනවයෙන් ඉදිකරන ලද ඇඳන් 75 ක් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විත නවීන කිලිනොච්චි යුද්ධ හමුදා රෝහල ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කරනු ලැබු අතර, එම රෝහලේ සියළු වැඩ කටයුතු 11 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මාස හතරක් වැනි කෙටි කාල සීමාවක් තුළ නිමාවට පත්කරන ලදී.

මෙම වාර්තාව පළ කරන අවස්ථාව වන විටත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟින් කිළිනොච්චි ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ත්‍රිවිධ හමුදා නිරෝධාන මධ්‍යස්ථාන නිරික්‍ෂණය සිදු කරනු ලබයි. (නිමාව) buy shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News