15th July 2020 15:02:40 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු අභාවප්‍රාප්ත තම මව සිහිකරමින් අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර පරිත්‍යාග කෙරිණි.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජේ.සී. රඹුක්පොත ගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සම්බන්ධතාවයෙන් තන්තිරිමලේ, පහල තන්තිරිමලේ ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණදෙමින් දරුවන් හතර දෙනෙකු සමඟ ජිවත්වන පියෙකු වෙනුවෙන් නව නිවසක් මෙලෙස ඉදිකරන ලදී.
ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් අභිනවයෙන් ඉදිකරන ලද අංගසම්පුර්ණ නව නිවස ඉරිදා (12) දින පැවැති උත්සවයකදී චාරිත්‍රානුකූලව විවෘත කළ අතර මෙම උත්සවය අතරතුරදී, නව නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ ඇතුළු ත්‍යාග භාණ්ඩ තොගයක් අනුග්‍රාහකයින් විසින් නිවාසලාභියා වෙත පිරිනැමීනි.
213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.එන්. රසික කුමාර ගේ උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවස ඉදිකරනු ලැබීය. මෙලෙස අභිනවයෙන් ඉදිකරනු ලැබු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කුමාර් ජයපතිරණ, 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී සම්බන්ධිකරණය කරන ලදී.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ දරුවන් සිව්දෙනෙකු සමඟ ජිවත්වන සුසන්ත කුමාර මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව නිවසේ යතුර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ සුරතින් නිවාසලාභියා වෙත ප්‍රදානය කළේය. සුසන්ත අනුර කුමාර මහතා වෙනුවෙන් ඉදිකළ නව නිවස සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර, නාන කාමරයක් සහ මුළුතැන්ගෙයක් ආදී සියළු අංගයන්ගෙන් සමන්විත වෙයි.
මෙම උත්සවය සඳහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජේ.සී. රඹුක්පොත හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, 213 වන බලසේනාවේ බලසේනාධිපති, 21 වන සේනාංකයේ හා 213 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 5 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසින් රැසක් සහභාගි වූහ. Authentic Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp