13th July 2020 16:20:21 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ජූලි මස 09 සහ 10 දිනයන්හි එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනා මුලස්ථානයේ, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
111 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන්, එම බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.එම්.එන්.එච්. බණ්ඩාරනායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එමෙන්ම, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව පිළිවෙලින් මේජර් ඒ.එම්.ඩබ්ලිව්.පී. අබේසේකර, මේජර් ඒ.ජේ.එස්. අබේනායක සහ කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය අතරතුරදී, ආඥාපතිතුමන් ශ්‍රී ලංකා රයිෆල් බලකා පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව භටපිරිස් ඇමතු මාධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හි සිදුකළ සංචාරය සංකේතවත් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහන් තැබීය.
මීට අමතරව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වික්ටෝරියා ජල විදුලි බලාගාරය වටා යොදවා ඇති ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් සිටින නේවාසිකාගාරය ද නිරික්‍ෂණයක යෙදිණි. jordan Sneakers | adidas poccnr jumper dress pants size