Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2020 16:50:07 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමික දිවියට පා තබන මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ සේවය ඇගයුමට ලක්කෙරේ

දශක තුනකට අධික කාලයක් සිදුකළ මෙහෙවර සමඟින් කීර්තිමත් යුද්ධ හමුදා දිවියෙන් නුදුරුදින විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ විශිෂ්ඨ නිලධාරීයෙකු වන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක අද (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අනාගත අපේක්‍ෂාවන් සඳහා සිය සුබපැතුම් සහ ප්‍රශංසාව පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් හා නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අතර පැවති සුහද හමුවේදී දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවට කළ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන් ගේ විශේෂිත ඇගයුමට ලක් වූ අතර එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව ද සුහද පිළිසදරක නිරතවිණි. නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අතීත මතකයන් හී ආවර්ජනය යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ බෙදාගත් අතර යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභාෂිංශන පිරිනැමීය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුද කළ අතර සිය රාජකාරි කටයුතුවලදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් ලද දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සඳහන් කළේය. මෙම සුහද හමුව අවසන, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. Best Nike Sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men