13th July 2020 23:40:35 Hours
23 වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අරුන්දති ජයනෙත්ති මහත්මිය වෙත ත්‍රිවිධ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. එම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, අතිරේක ලේකම්වරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරක්‍ෂක ආමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, ගුවන් හමුදා සහ පොලිස් සේවා වනිතා ඒකකවල සභාපතිනියන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.
එම අවස්ථාවේදී, වයිස් අද්මිරාල් ද සිල්වා ශ්‍රී ලංකා නාවික හමුදාවට කළ දායකත්වය අගය කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමුද්‍රයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කිරීම සඳහා නාවික නැව් යෙදවීමේ ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීම, නාවික හමුදා උපාය මාර්ග අනුගමනය කරමින් විශාල වශයෙන් සිදුකරන ලද ජාවාරම්, මත්ද්‍රව්‍ය සමුද්‍රයේදී අත්අඩංගුවට ගැනීම වැනි කර්තව්‍යයන් සිදුකිරීමට හැකී වූයේ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මඟපෙන්වීම මත බව පැහැදිලි කළේය. අද (13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ද සිල්වා වෙනුවෙන් පවත්වන ලද උපහාර ප්‍රදානෝත්සවයේ දී සමුගැනීමේ දේශනය සිදුකළ ආරක්‍ෂක ලේකම්තුමන්, ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ නාවික හමුදාව නිවැරදි දිශාවකට යොමු කිරීමට නාවික හමුදාධිපති ආදර්ශයක් වූ බව පැවසීය.
හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සමුදීම උත්සව දිගු කලක් පුරාවට සිරිතක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන කරන බව පෙන්වාදුන් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නාවික හමුදාවේ විවිධ තනතුරු හොබවා වසර 36 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නික්ම යන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ද සිල්වා නාවික හමුදාවට මෙන්ම තම මාතෘභූමිය වෙනුවෙන් සිදු කළ ආදර්ශමත් සේවාව පැසසුමට ලක් කළේය.
වයිස් අද්මිරාල් ද සිල්වා වර්ෂ 2019 ජනවාරි මස 1 වන දින නාවික හමුදාධිපති ලෙස පත්වු අතර එතැන් පටන් මේ දක්වා එම තනතුර හොබවන ලදී. වයිස් අද්මිරාල් ද සිල්වා සමුගැනීමේ අවස්ථාවේදි ආරක්‍ෂක ලේකම්තුමන් ඇතුළු පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන් සහ සහභාගී වූ සියලු දෙනාට සිය කෘතඥතාවය පුද කළේය. එතුමන් නාවික හමුදාධිපති ලෙස කටයුතු කරන කාලය ඉතා ඉහල කාර්යභාර්යක් සිදු කිරිමට හැකි වූයේ අනෙකුත් සියලුදෙනා ලබාදුන් දායකත්වය මත බව පැවසීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගුණරත්න විසින් නාවික හමුදාධිපති වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අරුන්දති ජයනෙත්ති මහත්මිය වෙත ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය විසින් විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය. මෙම උත්සවයේ පිළිගැනීමේ දේශනය අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී.නොනිස් මහතා විසින් සිදුකළේය. (මෙම වැඩසටහන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පවත්වන ලදී.) latest jordan Sneakers | Zapatillas de running Nike - Mujer