Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2020 23:30:35 Hours

ටෝක්ෂෝ රූපවාහිනි වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වෛරසය ආසාදිත පොකුරුවල නව වර්ධනයන් පිළිබඳව පැහැදිලි කරයි

‘අද දෙරණ 24‘ නාලිකාවේ අද (13) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘ගේට් රියල්‘ (Facts Over Fear) රූපවාහිනී වැඩසටහනට එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය, වෛරසය ආසාදිත පුද්ගලයින් පොකුරු වශයෙන් හමුවිම, රට තුළ සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අඛණ්ඩව අනුගමනය කිරිමේ වැදගත්කම පැහැදිලි කළේය. මෙම වැඩසටහන අඟහරුවාදා (14) රාත්‍රී 7.00 සිට නැවත විකාශය කෙරේ. එම රූපවාහිනී වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: Running sports | Autres