13th July 2020 16:25:12 Hours
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (09) දින විශාල ගසක් කඩාවැටි මර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවට සැලවීමත් සමඟ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාව යටතේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී මාර්ගයට කඩා වැටි තිබු එම ගස කපා ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කරලීමට සමත්විය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සහ වතු සේවකයින්ගේ සහාය ඇතිව 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනාඩි 25 ක් ඇතුලත ගස කපා ඉවත් කර මාර්ගයේ වාහන ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සැපයීය.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම අත්‍යාවශ්‍ය කටයුත්ත කඩිනමින් සිදුකරන ලදී. best Running shoes brand | Nike Shoes