Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2020 16:04:47 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා භටපිරිස් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් විෂබීජහරණයට ලක් කරයි

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීමෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම 65 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (12) දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය දියත් කිරීම තුළින් කිලිනොච්චි ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල, පලෙයිනගර් කුමාරස්වාමී රජයේ දමිළ මිශ්‍ර පාසල, කොල්ලවිලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල සහ පලෙයිනගර් මහා විද්‍යාලයේ සිසුන් 4000 කට වැඩි පිරිසක් සිය අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වෙන් වෙන් වශයෙන් එම පාසල්වලට ගොස් පන්ති කාමර සහ පාසල් පරිශ්‍රයන් විෂබීජහරණයට ලක් කරන ලදී. 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත 652 සහ 653 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. Asics shoes | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ