Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2020 16:17:21 Hours

කොකාවිල් සටනේ 30 වන සංවත්සරය, කොකාවිල් රණවිරු ස්මාරකය අභියසදී සමරයි

මීට වසර 30 කට පෙර, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්‍ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ඇතුළු විරෝධාර රණවිරුවන්ගේ මතකයන් ආවර්ජණය කර ගෞරවදැක්වීමේ චාම් උත්සවයක් ඉකුත් සෙනසුරාදා (11) දින කොකාවිල් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

652 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ ආරාධිනයකට අනුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර සහභාගි විය. එහිදී, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ගෞරවාචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

දින 40 කට අධික කාලයක් ජලය හා ආහාර නොමැතිව කොකාවිල් කඳවුර ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් 54 දෙනෙකු දැක්වූ වීරත්වය සහ කැපවීම සිහිපත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ සෑම වසරකම මෙම උත්සවය පවත්වනු ලබයි. Mysneakers | Footwear