11th July 2020 19:10:51 Hours
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ආරම්භ කරමින් මුලන්කාවිල් පිහිටි 651 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් ජුලි මස 09 වන දින මුලන්කාවිල් බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 25 කට අධික භටපිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් සිදුකරන ලදී.
මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ජුලි මස 07 වන දින රජයේ සේවකයින්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය නගරය සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ගේ මඟපෙන්වීම යටතේ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්.ඒ.එම් රන්තිලක ගේ අධීක්‍ෂණය යටතේ 50 කට අධික භටපිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී. Sportswear Design | Nike News