Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2020 10:00:20 Hours

තමන්ටම අයිති නිවසක් ඉදිකරගැනීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා උපකාරී වන දේශණයක් පැවැත්වෙයි

කොස්ගම සලාව ප්‍රදේශයේ පිහිටි භටකාර්ය සම්පාදන මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයින් සඳහා ‘තම සිහින නිවස ඉදිකිරීමේ ඉලක්කය සපුරා ගැනීම’ පිළිබඳ වැඩමුළුවක්, රත්මලාන වෘත්තීය කාර්මික විද්‍යාලයේ සහාය ඇතිව භටකාර්ය සම්පාදන මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඉකුත් අඟහරුවාදා (7) දින පැවැත්විණි.

භටකාර්ය සම්පාදන මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව රත්මලාන වෘත්තීය කාර්මික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තා මානවඩු මහත්මිය විසින් මෙහෙයවනු ලැබුවාය.

යුද්ධ හමුදාවේ සේවය කරන අතරතුර තමාගේම නිවසක් ඉදිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය අයවළුන් වෙත සහාය දැක්වීමේ අරමුණින් සියලු නිලයන් දැනුවත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබිණි.

මෙම දේශණය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ භටපිරිස් සහ භටකාර්ය සම්පාදන මූලස්ථානය යටතේ ඇති සියළු ඒකකයන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Running sports | Air Jordan Release Dates 2020