08th July 2020 17:05:17 Hours
65 වන සේනාංකය මගින් සිදුකරන ලද තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ උපදෙස් වලට අනුව එම සේනාංකයේ භටපිරිස් ජූලි මස 04 සිට 06 දින දක්වා කිළිනොච්චි ප්‍රදේශයේ පාසල් වල ‘ඩෙංගු’ මර්ධන ව්‍යාපෘතියක් සහ පාසල් විෂබීජහරණය කිරීමේ සමාජ සත්කාරක ක්‍රියාවලියක් සිදුකරනු ලැබිණි.
653 වන බලසේනාවට අයත් 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (4) දින කිළිනොච්චි යෝගාපුරම් පාසල් පරිශ්‍රය පිරිසිදු කර ඩෙංගු බෝවන ස්ථාන සහ අනෙකුත් අපිරිසිදු ස්ථාන සොයමින් එම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. 653 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ. එමෙන්ම, දෙමාපියන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු ද මෙම වැඩසටහනට දායක වූහ.
මේ අතර, 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම කොවිඩ් - 19 වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණින් කිළිනොච්චි ප්‍රදේශයේ පිහිටි අනවිලන්දන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබිණි.
652 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ නොමසුරු සහයෝගයද හිමිවිය. Sportswear Design | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ