07th July 2020 21:51:20 Hours
පුත්තලම ප්‍රදේශයේ නෙලුම්වැව සහ කෝන්වැව යන ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් ඕමාන් එයාර්ලයින්ස් (Oman Airlines) සහ විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ (Vision Care Pvt Ltd) අනුග්‍රහකත්වය ඇතිව 58 වන සේනාංකයේ භටපිරිස් විසින් 2020 ජූනි මස 27 වන දින පාසල් ළමුන් හා සිසුන් අතර පාසල් නිල ඇඳුම්, සපත්තු සහ ක්‍රීඩා උපාංග ඇතුළු පාසල් උපකරණ රැසක් බෙදාදෙනු ලැබීය.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ පෙර පාසල් 5 ක සිසුන් 32 දෙනෙක් සඳහා ඇඳුම් හා ක්‍රීඩා භාණ්ඩ ද, තවත් පාසල් සිසුන් 15 දෙනෙකුට සපත්තු ජෝඩු මෙන්ම විවිධ අවශ්‍යතා සහිත පවුල් 10 ක සාමාජිකයන් වෙත වියළි ආහාර සලාකයන් ද බෙදා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සමඟ ඕමාන් එයාර්ලයින්ස් සමාගමේ සාගර වීරසිංහ මහතා සහ විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ දිලංකා සිල්වා මහත්මිය ද එක් වූහ.
පුත්තලම සිංහවිල්ලුවත්ත ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ පැවති පරිත්‍යාග ව්‍යාපෘතියේදී ප්‍රතිලාභ ලැබූ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද නර්තන අංගයන්ගෙන් විචිත්‍රවත් විය. jordan release date | Nike