02nd July 2020 20:16:42 Hours
නව දැනුම හා අත්දැකීම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස් සෙනරත් යාපා ගේ ප්රධානත්වයෙන් පසුගියදා 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙනුවෙන් ‘නායකත්වය සහ දිරිගැන්වීම’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුවේදී උපාය මාර්ගික සොල්දාදුවන්ගේ නව ප්රවේශයන්, මෙහෙයුම් හා මෙහෙයුම් නොවන ක්රියාකාරකම්, වර්තමාන තත්ත්වය, සොල්දාදුවෙකුගේ මූලික යුතුකම්, අවදියෙන් සිටීම හා ජාතික සංවර්ධනය යනාදිය පිළිබඳව අවධානය යොමු කරන ලදී.
තවද මෙම වැඩමුළුව අතරතුරදී, තත්ත්ව කළමනාකරණය කිරීමේ ක්රමවේදයන් විකාශනය වන පසුබිම තුළ අනුවර්තනය වීමේ හැකියාව හා පවතින පරිසරය තුළ වේගවත් වෙනසක් සිදුකිරීම යනාදිය පිළිබඳ සොල්දාදුවන්ගේ සිතීමේ හැකියාව වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී.
මෙම වැඩමුළුවට 57 වන සේනාංකයේ කර්නල් ප්රධාන මාණ්ඩලික නිලධාරී, 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sportswear Design | Nike