Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2020 19:00:36 Hours

51 වන සේනාංකයේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් විෂබිජහරණට ලක්කරයි

කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවධානමෙන් පසුව යාපනය අර්ධද්වීපයේ පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් ලබා දුන් උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් ජූනි මස 27 සිට 30 දක්වා දිනයන්හි යාපනය අර්ධද්වීපයේ පාසල් පරිශ්‍රයන් අවදානම් කලාපයන්ගෙන් තොර කිරිමේ අභිප්‍රායෙන් විෂබීජහරණය කිරීම සිදුකරන ලදී.

කොවිඩ්-19 වෛරසය සහ අනෙකුත් බෝවන රෝගවලින් තොර සෞඛ්‍ය සම්පන්න සහ සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා චුන්නකම්, ඉනුවිල්, උඩුවිල්, කෝපායි, තවාඩි, උජරපුලම්, උරුම්පිරායි, වේලානායි, කයිට්ස්, අරියාලෙයි, අරාලි, වඩුක්කෝඩෙයි, සංගරතෙයි, මල්ලකම්, අලවේඩ්ඩි, පන්නලෙයි, මාවිද්දපුරම්, සන්දිලිපායි, තායිඅයිඩි, කන්කසන්තුරෙයි, පලාලි, කුරුම්පසිඩ්ඩි, වාසවිලන්, මයිලඩි, වලෙයි කෝපායි, ඉරුපලයි, කරම්පන්, තෙලිප්පලෙයි, වීමන්කාමම්, වර්දවිලන්, ඔට්ටකප්පුලම් සහ යුරේනි යන ප්‍රදේශයන්හි පාසල් රැසක් ආවරණය කරමින් මෙම විෂබීජහරණ වැඩසටහන දියත් තිබිණි. latest Running | Sneakers