Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2020 16:33:30 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දේශීය වටිනාකමක් සහිත පැළ තොගයක් රෝපණය කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත දේශීය ඖෂධිය පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (01) දින අබේපුස්සේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණී.

ඒ අනුව, ඇහැළ, කොහොඹ, බෙලි, මී, කුඹුක්, කළුවර, සඳුන්, නෙල්ලී, බුලු, මාදං ඇතුළු ඖෂධිය වටිනාකමක් සහිත පැළ 450 ක් පමණ කඳවුරු පරිශ්‍රය තුළ රෝපණය කරනු ලැබීය.

මෙම ශාකසාර විශේෂ ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරුන්, පිලියන්දල පිහිටි සුවසෙත හෙළ ඔසු ආයුර්වේද රෝහලේ සභාපති, සම්පත් ඉන්දික මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.ඩී.සී.එස්. කුමාරතුංග මහතා, ජිනසේන ඉලෙක්ට්‍රික් මෝටර්ස් (පුද්) සමාගම, ජිනසේන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ (පුද්ගලික) සමාගම සහ ජිනසේන ඉංජිනේරු තාක්‍ෂණ (පුද්ගලික) සමාගම ඇතුළු ජිනසේන සමූහයේ හිමිකරු වන වෛද්‍ය තිස්ස ජිනසේන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

සම්පත් ඉන්දික මහතා විසින් පළමු සඳුන් පැළය සංකේතාත්මකව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපති ඉන්දු සෙනෙවිරත්න මහත්මිය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක වෙත භාරදෙනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් සහ රැස්ව සිටි පිරිස කඳවුරු පරිශ්‍රය තුළ පැළ රෝපණය කළහ.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ලේකම් රෝහිණි දිසානායක මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ. Best Sneakers | Air Jordan