Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2020 10:52:00 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බදාදා (01) දින සිය බලප්‍රදේශයේ පිහිටි 21 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 213 සහ 211 වන බලසේනා මුලස්ථානයන්හි විධිමත් සංචාරයක නිරත විය.

ගජසිංහපුර පිහිටි 213 වන බලසේනා මුලස්ථානයට සහ මැදවච්චියේ පිහිටි 211 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිනි ආඥාපතිතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව බලසේනාවන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කළ අතර අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.

මෙම සංචාරය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ද එක්විය. Best Authentic Sneakers | Nike