03rd July 2020 18:37:36 Hours
යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එස්.ඒ.ඩි.ඒ. දේශප්‍රිය ගුණවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සංවිධානය කළ සමුගැනීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (30) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් එස්.ඒ.ඩි.ඒ. දේශප්‍රිය ගුණවර්ධන, ගැමුණු හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඒ.ඩි.එන්.එස්.පී. දුණුවිල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.
අනතුරුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදු ගැමුණු හේවා බලකායේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරනු ලැබීය. වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙනුවෙන් රෙජිමේන්තු මූලස්ථානයේ පැරඩයිස් ශාලාවේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට එක්වූ ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින්, යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සමගින් සුහද පිළිසඳරක යෙදිණි. උත්සවයේ ප්‍රළමු කොටස අවසානයේ සියලුනිලයින් ඇමතූ එතුමන් සියලුදෙනාගේ කැපවීම වෙනුවෙන් ගැමුණු හේවා බලකායේ සියලුම නිලයින් වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කළේය.
එදින සන්ධ්‍යාවේ පැවැති සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටී.එස්. බංසජායා මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ගේ සේවය අගය කරමින් සියලුම නිලධාරීන් වෙනුවෙන් සමුගැනීමේ දේශනය පැවැත්විය.
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ කැපවීම සහ සේවය අගය කරමින් විශේෂ සමරුතිළිණයක් රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් පිරිනමනු ලැබීය. යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සිය අතීත ආවර්ජනයන් පිළිබඳ මෙහිදී සිහිපත් කළේය.
එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ. best shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4