Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2020 15:14:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුභසාධන ව්‍යාපෘතින් නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (2) දින නුවරඑළිය ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර මධ්‍යම ශ්‍රේණියේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන තෙමහල් නිවාඩු නිකේතනයේ ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කරනු ලැබීය‍.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ස්ථානයට ගිය අවස්ථාවේදී, ඉදිකරමින් පවතින සුභසාධන ව්‍යාපෘතිය සමීපව නිරීක්‍ෂණය කරනු ලැබූ අතර එහි වාස්තු විද්‍යාත්මක සැලසුම් හා නිම කරන ලද අදියරයන්හි ප්‍රගතිය පිළිබඳ තක්සේරු කරනු ලැබිණි. තවද‍, එම ගොඩනැගිල්ල ඉදිකරනු ලබන ගෘහ නිර්මාණ ශිල්පින්, ව්‍යාපෘතියේ අණදෙන නිලධාරි සහ අනෙකුත් නිලධාරීන් සමඟ එතුමන් සාකච්ඡා කළ අතර මෙම නිවාඩු නිකේතනය අඛණ්ඩව ඉදිකිරීම සඳහා සිය අදහස් ඉදිරිපත් කළේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුවරඑළිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන මෙම නිවාඩු නිකේතනය වඩාත්ම මිල අධික නිවාඩු නිකේතන වලින් එකක් වන අතර ඉදිරි සති කිහිපය ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කර නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට සාධාරණ හා දැරිය හැකි මිලකට වඩාත් හොඳ නිවාඩු නිකේතනයක් හිමිවනු ඇත. රුපියල් මිලියන 32 ක ඇස්තමේන්තුගත වියදමක් දරමින් වර්ෂ 2017 දී ආරම්භ කරන ලද මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මේජර් රුවන් පුංචිහේවා ගේ අණදීම යටතේ 17 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි. එහිදී, ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පියා සහ 17 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව විස්තර කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. Nike Sneakers | Archives des Sneakers