03rd July 2020 21:34:23 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිදාන හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකළ සුවිශේෂි කාර්යභාර්යට ප්‍රශංසා කළ මල්වතු-අස්ගිරි නාහිමියන් වෛරසය තවමත් රටෙන් තුරන් කර නොමැති හෙයින්, හැකි සෑම සෞඛ්‍ය ක්‍රමවේදයක්ම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලභිදාන මහා නායක හිමියන්, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානීගේ නායකත්වය සහ මඟපෙන්වීම පිළිබඳ ප්‍රශංසා කළ අතර පසුගිය මාස කිහිපයේ වෛරසය දිවයින පූරා පැතිරගිය අවස්ථාවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගේ සහයෝගය ලබාගනිමින් මනා විශ්වාසයකින් යුතුව කටයුතු කළ බව ද පෙන්වා දුන්හ. යුද්ධ හමුදා සාමාජිකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ එක්ව ජිවිත අවධානම නොතකා වචන වලින් කිව නොහැකි දැවැන්ත කාර්යභාර්යක් ඉටු කරමින් සිටිනු දක්නට ලැබුණු බවත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සමඟ එක්ව ඔබ දැක්වූ ආදර්ශමත් කැපවීම සමස්ත මහා සංඝරත්නයම බෙහෙවින් අගය කරන අතර එම කැපවීම සැබවින්ම ජාතික අභිමානයක් බව මහා නායක හිමිපාණන් පෙන්වාදුන්හ.
ඉන් අනතුරුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගනු ලැබූ අඛණ්ඩ පූර්වාරක්‍ෂක ක්‍රමවේදයන් සහ පියවරයන් පිළිබඳව නායක හිමිපාණන් මෙහිදි පැසසුමට ලක් කළහ. ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවලට සාපේක්‍ෂව දිවයින පුරා මෙම වෛරසය පැතිරයාම පාලය කිරීම පිළිබඳව මහනායක හිමිපාණන් අතිගරු ජනාධිපතිතුමන්ට සහ රජයට ප්‍රශංසා කළහ. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය භටපිරිස් සමඟ එක්ව දිවා රෑ නොබලා කැපවී මෙම වෛරසය පැතිරයාම පාලනය කිරීමට සමත් වූ නමුත් වෙනත් රටවල මෙන් නැවත වරක් වෛරසය හිස ඔසවන්නට ඉඩක් නොතිබිය යුතුයි, මහා නායක හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මීට අමතරව, ලුතිනන් ජෙනරාල් සිල්වා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය විසින් දියත් කරනු ලබන ‘වගා සංග්‍රාමිය’ ව්‍යාපෘතියට සහය දැක්වීමේ අරමුණින් දිවයින පුරා පූරන් වූ කුඹුරු නැවත අස්වැද්දිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජිත යුද්ධ හමුදා සැලසුම් පිළිබඳව නාහිමිවරුන් දෙනමට විස්තර කළේය. අනාගතයේ දී නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන්ගේ සහයෝගය ඇතිව, රට තුළ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ මත්ද්‍රව්‍ය භාවිතයට යුද්ධ හමුදාව සක්‍රීයව සහාය වන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් නාහිමිවරුන්ට පැවසීය.
ත්‍රිවිධ හමුදාවන් විසින් ඉටු කරනු ලබන වර්තමාන භූමිකාව ඇගයීමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන කළමනාකරණය, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්යභාර්යන්, ත්‍රිවිධ හමුදාව අතර තවදුරටත් වෛරසය සම්ප්‍රේෂණයට එරෙහිව ක්‍රියාත්මක වන බලධාරීන්ගේ උපදෙස් පරිදි සියලුම සෞඛ්‍ය පූර්වාරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහ නායක හිමිපාණන් දෙනම දැනුවත් කරන ලදී. මෙම සංචාරය අතරතුරදී, මල්වතු සහා අස්ගිරි පාර්ශවයන්හි මහා නායකහිමිවරුන් කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා දැවැන්ත කාර්යභාර්යක් ඉටු කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත වෙන්වෙන් වශයෙන් ආශිර්වාද කළහ. මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වැඳපුදාගත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මහ නායක හිමිවරුන් දෙනමට ‘පිරිකර’ සහ දාගැබක අනුරෑවක් සහිත සමරුතිළිණ පූජා කරනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර රැඳී සිටි කාලය තුළ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ගේ ආරාධනයකට අනුව කොවිඩ්-19 වෛරසය පැතිර ගිය දා සිට පූජනීය භූමියට මතකයක් එක්කරමින් දළදා මාලිගා පරිශ්‍රයේ ‘දේවදාර’ පැළයක් රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව, පූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගත් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සංවිධානය කර තිබු විශේෂ පූජාවකට ද එක්විය. සියලු වසංගතයන් හා ව්‍යසනයන්ගෙන් තොර රටකට සාමාන්‍ය හා සමෘද්ධිය ලඟා කරවාගැනීමේ අරමුණින් පැවැති මෙම විශේෂ පූජාවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ට, යුද්ධ හමුදාවට සහ මහජනතාවට ආශිර්වාද කළහ.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහනුවර සංචාරයෙන් පසු ආපසු එන අතරමගදී, ශ්‍රී චන්දනන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, අස්ගිරි පිරිවන් මහා විහාරය, කොබ්බෑකඩුව සමවර්ධනාරාමය සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගත් අතර කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරීම වැළැක්වීම, තිරසාර සෞඛ්‍ය පූර්වාරක්‍ෂක ක්‍රමවේදයන්හි වැදගත්කම සහ යුද්ධ හමුදාවේ අනාගත ව්‍යාපෘති පිළිබඳ වත්මන් තත්ත්වය එම විහාරස්ථානයන්හි වැඩවාසී භික්‍ෂුන් වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගනිමින් පැවසීය.
මෙම සංචාරයට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න එක්විය. Nike Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!