Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2020 16:23:30 Hours

11 වන සේනාංකයේ භටපිරිස් මහනුවර ප්‍රදේශයේ රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාග කරති

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න විසින් ලබා දුන් මාර්ගෝපදේශ වලට අනුව පල්ලෙකලේ 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු 150 කට අධික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ඉකුත් බදාදා (01) දින මහනුවර මහ රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතය සඳහා ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.

මහනුවර මහ රෝහලේ ප්‍රාදේශීය රුධිර බැංකුව, 11 වන සේනාංක මූලස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කඳවුරු පරිශ්‍රයේදී මෙම වැඩසටහන පවත්වනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය සඳහා මූලස්ථානය, සේනාංකය, බලසේනා, ඒකක සහ පුහුණු පාසල්වල භටපිරිස් ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කරමින් සිය දායකත්වය සපයනු ලැබූහ. Nike air jordan Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ