30th June 2020 13:50:10 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් ජුනි මස 25 සහ 26 යන දෙදින තුළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව නගර්කෝවිල් සහ ස්කන්ධපුරම් යන ප්‍රදේශවල ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබූහ.
කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ පූර්ණ ආශිර්වාදය මත හා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ මාර්ගෝපදේශ මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. 651 සහ 652 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් මෙම ව්‍යාපෘතීන් සමීපව නිරීක්‍ෂණය කළ අතර එම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ද ඔවුන් විසින් සහතික කරන ලදී. bridgemedia | Ανδρικά Nike