Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2020 13:55:10 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මඩු මංගල්‍යයේ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ පූර්ව සමාලෝචනයක නියැළෙයි

එළඹෙන මඩු මංගල්‍යයට අදාළ ආරක්ෂක විධිවිධාන ඇගයීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සමඟ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (30) දින 544 බලසේනාව වෙත පැමිණියහ.

මඩු දේවස්ථානය අසල පිහිටි 24 වන ගජබා රෙජිමේන්තුව වෙත සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිිගැනීමෙන් අනතුරුව, 544 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් විසින් මඩු මංගල්‍යයේ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සිදු කරනු ලැබීය. එම හමුව සඳහා පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද සහභාගී වූහ.

ඉන් අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මඩු පල්ලි ප්‍රදේශයට ගොස් පූජනීය මඩු දේවස්ථානයේ පරිපාලක පියතුමා වන පෙප්පී සූසෙයි (Peppi Sossai) හමුවී, එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළේය. Sport media | Nike Shoes