Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2020 16:52:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික විරෝධාර රණවිරුවන්ගේ පරිපාලන කටයුතු සඳහා නව රණසේවා අංශයක් සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හී ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විරෝදාර රණවිරුවන් කළ අමිල හා අපරිමිත සේවය අමතක නොකරමින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ මාණ්ඩලික රාජකාරී අධක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හී විශ්‍රාමික රණවිරුවන් සඳහා පමණක් විශේෂ පරිපාලන ශාඛාවක් ස්ථාපිත කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හී පරිපාලන කටයුතු සිදු කිරිම සඳහා අභිනවයෙන් රණසේවා අංශ පිහිටුවීම යුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ සුභසාදන කටයුතු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා නිසි සම්බන්ධීකරණය තුළින් මනාව ඉටුවන බවට මනා සහතිකයකි.

ඒ අනුව, යුද්ධ හමුදාවේ විශ්‍රාමික සහ යුධ පිටියේදී තුවාල ලබා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ විරෝදාර රණවිරුවන්ගේ පරිපාලන කටයුතු හා ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා මෙම අංශය ස්ථාපිත කිරීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් මත මාණ්ඩලික රාජකාරී අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසූරීය සියළුම රෙජිමේන්තු මධ්‍යස්ථානවල නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨයින් සහ විශ්‍රාමිකයින් කෙරෙහි ඉහළම ගෞරවයක් දක්වමින් ඔවුන්ගේ පරිපාලන කටයුතු සඳහා සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකටම හඳුන්වා දී ඇති මෙම විශේෂ රණසේවා අංශය මගින් සෑම ආකාරයකින්ම එකී විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ට අවශ්‍ය සහයෝගය ලබාගැනීමේ හැකියාව පවතී. Sport media | Men’s shoes