Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2020 14:30:10 Hours

කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා භටපිරිස් පාසල් පරිශ්‍රයන් සහ යාපනය විශ්වවිද්‍යාලය විෂබීජහරණය කරයි

කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවධානමෙන් පසුව යාපනය අර්ධද්වීපයේ පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කිරීමට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (26) දින යාපනය අර්ධද්වීපයේ පාසල් පරිශ්‍රයන් විෂබීජහරණය කිරීම සිදුකරන ලදී.

කොවිඩ්-19 වෛරසය සහ අනෙකුත් බෝවන රෝගවලින් තොර සෞඛ්‍ය සම්පන්න සහ සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා ඉඩයිකාඩු, අච්චුවෙලි, තොන්ඩමනරු, උඩුප්පිඩි, ඉමායනන්, මීසලායි, අලරායි, විඩත්තපලෙයි, මඩ්ඩුවිල්, කරම්පකුරිච්චි, වරනි, කොඩිකාමම්, ඉඩිකුරිච්චි සහ පත්තමෙනී යන ප්‍රදේශයන්හි පාසල් ආවරණය කරමින් මෙම විෂබීජහරණ වැඩසටහන දියත් කරන ලදී.

52 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දිනක් තුළ නිම කරන ලදී.

එමෙන්ම, විශ්ව විද්‍යාල බලධාරීන් විසින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ආනන්ද කුමාරස්වාමි කාන්තා නේවාසිකාගාරය - තිරුනෙල්වේලි, බාලසිංහම් පිරිමි නේවාසිකාගාරය - තිරුනෙවිල්, කොකුවිල් නව කාන්තා නේවාසිකාගාරය 1 හා 2 - කොකුවිල් සහ කොකුවිල් නව නේවාසිකාගාරය 1 හා 2 - කොකුවිල් ගොඩනැගිලි සංකීර්ණයන් සහ ඒ අවට 51 වන සේනාංකයේ භටපිරිස් විසින් පිරිසිදු කර විෂබිජහරණය කරන ලදී.

යාපනයේ ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින්ගේ සහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් මෙම විෂබීජහරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. Nike sneakers | Nike Dunk - Collection - Sb-roscoff