30th June 2020 13:45:10 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් සඳුදා (29) දින සිය බලප්‍රදේශය තුළ ක්ෂේත්‍ර සංචාරයක් සිදු කරමින් නුවර එළියේ පිහිටි 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණියහ.
3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සපැමිණි මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඒ.එම් රන්තිලක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.
අනතුරුව, මේජර් ජෙනරාල් කීර්ති කොස්තා කඳවුරු පරීශ්‍රය තුළ නිර්මාණය කරන ලද දැකුම්කළු භූ දර්ශණ සැකැස්ම කඳුකර භූමියට සහ සරුසාර දේශගුණයට ගැලපෙන අයුරින් සකස් කර ඇති කඳවුරු පරිශ්‍රය, ‘පුංචි එංගලන්තය’ සමාන අයුරින් සකස් කර ඇති අතර, මල් වත්ත මෙන්ම එහි අතුළත යුද්ධ හමුදා සාමාජිකයින් විසින්ම කප්පාදු කරන ලද විචිත්‍රවත් රුක් අළංකාරයන් ද මහත් උද්ධාමයෙන් නිරීක්‍ෂණය කරනු ලැබීය.
හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් විසින් සිදුකරනු ලැබූ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව,මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. එතුමන් කඳවුරු පරිශ්‍රයෙන් පිටත්වීමට ප්‍රථම, අමුත්තන්ගේ විශේෂ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබනු ලැබීය. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සේනාරත්න, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.
ඉන් අනතුරුව, පිදුරුතලාගල පිහිටි සම්ප්‍රේෂණ කුළුණ තුළ සේවයේ නියුතු 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් හමු වූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් නුවරඑළියේ සහ ශ්‍රී ලංකාවේ උසම ස්ථානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් වැඳ පුදා ගත්තේය. jordan Sneakers | Nike