30th June 2020 13:30:10 Hours
613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.කේ. කෝට්ටවත්ත විසින් රචනා කරන ලද යුද්ධ හමුදාවේ සැපයුම් ක්‍රමවේදයන් සහ පරිපාලන ක්‍රමවේදයන් ලිහිල් කිරීම පිළිබඳ වූ ‘ක්ෂේත්‍ර පරිපාලනය’ නම් වූ ග්‍රන්ථයේ මංගල පිටපත ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා වෙත පසුගිය සිකුරාදා (12) දින ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති සුහද හමුවකදී පිරිනමන ලදී.
පසුගිය වසර 20 ක කාළය තුළ පරිපාලන කටයුතු පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කළ බ්‍රිගේඩියර් කෝට්ටවත්ත යුද හා පරිපාලන අංශවල පරිපාලන සංසඳවලට විවිධ ඉදිරිපත් කිරීම්/පත්‍රිකා 1000 කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර ඇත. ‘ක්ෂේත්‍ර පරිපාලනය’ ඔහු විසින් රචනා කරන ලද දෙවන ග්‍රන්ථය වන අතර ඔහු සිය තෙවන පොත ද එළිදැක්වීමට සූදානමින් සිටියි.
මෙයට අමතරව, බ්‍රිගේඩියර් කෝට්ටවත්ත විසින් රචනා කරන ලද ඉතා වටිනාකමකින් යුත් ග්‍රන්ථ වල ඇති අන්තර්ගතය යුද්ධ හමුදාව ඇතුළු විවිධ ස්ථානවල අධ්‍යාපනික වැඩසටහන්හී ප්‍රගතිය වෙනුවෙන් විශාල වශයෙන් මහෝපකාරී වී තිබේ. Best Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger