30th June 2020 17:32:34 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, ඔවුන්ගේ ප්‍රජා ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින තිරියාය ප්‍රදේශයේ පිහිටි පාසල් කිහිපයක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් දියත් කරන ලදී.
මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ කුම්ඹුරුපිඩ්ඩි දෙමළ මිශ්‍ර පාසල, විවේකානන්ද දෙමළ මහා විද්‍යාලය සහ සිංහල මහා විද්‍යාල පරිශ්‍රය තුළ දියත් කරනු ලැබූ ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ නාවික හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හා ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් එක්වූහ.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත මෝසම් වැසි ඇඳ හැලීමෙන් පසු පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු මර්ධනය කිරීමේ කාර්යභාර්යේ නිරත වූහ. Running sport media | Nike Shoes