Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2020 20:16:42 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා කටයුතු කරන ආරක්‍ෂක අංශයට තවත් මුඛ ආවරණ තොගයක් පරිත්‍යාගශිලියෙකු විසින් ලබාදෙති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා ගේ සම්බන්ධීකරණයෙන් සුප්‍රසිද්ධ ව්‍යාපාරික නිහාල් වික්‍රමසිංහ මහතා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා මූඛ ආවරණ 18,000 ක් අද (29) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාදිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළේය.

සිය පුතනුවන් ද සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි නිහාල් වික්‍රමසිංහ මහතා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් විසින් සිදුකරනු ලබන සේවය අගය කළ අතර ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම පිළිබඳව ප්‍රශංසාාත්මකව අදහස් පළ කළේය. ඉන් අනතුරුව, පරිත්‍යාගශීලියා විසින් උසස් තත්ත්වයේ මුහුණු ආවරණ කිහිපයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා වෙත සංකේතාත්මක අයුරින් පිළිගැන්වනු ලැබිණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මෙම පරිත්‍යාගය කෘතඥපූර්වකව පිළිගත් අතර කාලීන අවශ්‍යතාවය වෙනුවෙන් පරිත්‍යාගශීලියා විසින් අවස්ථානුකූලව සිදුකළ මෙම පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුද කළේය. මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් සුරාජ් බංසාජය ද සහභාගී විය. Buy Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta