Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2020 14:00:10 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට නිවාස ඉදිකිරීම සඳහා වට්ටම් ලබාදෙති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මාර්ගෝපදේශ මත යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ සියළු නිලයින්ට නව නිවාස ඉදිකිරිම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සැලකිය යුතු වට්ටම් යටතේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස්කොට ඇත.

ඒ අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ටිකිරි දිසනායක ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ * සියාම් සිටි සිමෙන්ති (ලංකා) පුද්ගලික සමාගම වෙතින් ‘සංස්ථා’ සිමෙන්ති සඳහා 14.42% වට්ටමක්, * රයිනෝ රූෆිං ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම වෙතින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සඳහා 17% වට්ටමක්, * ‘ඔරේන්ජ්’ (Orange) විදුලි උපකරණ සමාගම වෙතින් ස්විච්, කේබල්, සොකට්, විදුලි බුබුළු ඇතුළු විදුලි උපාංග සඳහා 15 - 20% වට්ටමක් සහ * සිවිලිම් තහඩු, අනෙකුත් කොටස්, සන්නාහ තහඩු ආදිය සඳහා 8 - 16% ක ප්‍රතිශතයකට අයටත්ව යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා වට්ටම් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

මෙම වට්ටම් යටතේ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා පනාගොඩ යුද්ධ හමුදා සුභසාධන වෙළඳසැල, අනුරාධපුර, පල්ලේකැලේ, මින්නේරිය, බූස්ස, අම්පාර, දියතලාව සහ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන සාප්පු සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම සහනාධාර අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ට හැකියාව ලැබෙනු ඇත.

දුරකථන අංක - 0114051237 Nike Sneakers Store | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger