Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 17:45:27 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති සංචාරයක නියැළෙයි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු එම සේනාංකය යටතේ ස්ථාපිත 661, 662 සහ 663 වන බලසේනා මුලස්ථානයන්හි සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිහි පසුගියදා සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, අදාළ බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරමින් මෙහෙයුම් හා පරිපාලනමය කාර්යභාරය පිළිබඳව සේනාංකාධිපතිතුමන් වෙත පැහැදිලි කරන ලදී.

මෙම සංචාරයේදී එම සේනාංකය යටතේ ස්ථාපිත බළඇණි සිය බලප්‍රදේශවල සිදුකරනු ලබන ආරක්ෂක, සුභසාධන හා පරිපාලනමය කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

එතුමන් සංචාරය කරනු ලැබූ සෑම බළඇණි මූලස්ථාන පරිශ්‍රයකම එම අවස්ථාව සංකේතවත් කිරීම වෙනුවෙන් පැළයක් රෝපණය කරනු ලැබිණි. Sport media | Nike Shoes