26th June 2020 22:55:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 42 වන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් සම්බන්ධිකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ පසුගියදා උසස්වීම් ලැබූ කර්නල්වරුන් සහ ලුතිනන් කර්නල්වරුන් අමතනු ලැබීය.
මෙම දේශනය බ්‍රහස්පතින්දා (25) දි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ නව ‘රෙන්ඩෙස්වස්’ (Rendezvous) ක්‍රීඩා මණ්ඩපයේදී පැවැති අතර එහිදී, කර්නල් සම්බන්ධීකරණ නිලධාරී සහ අණදෙන නිලධාරි පත් කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමන් අවධාරණය කළේය.
තවද, නව සේනාවිධායකතුමන් පසුගියදා ඊළඟ නිලයට උසස් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සිය උණුසුම් සිය උණුසුම් සුබ පැතුම් එක් කළ අතර එම උසස්වීම් තුළින් ඔවුන්ගේ බලඇණි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට විශාල වගකීමක් සහිතව දායක විය හැකි ආකාරය පැහැදිලි කළේය. තවදුරටත්, ‘2020 වසරෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව’ ලේඛනය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සඳහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අනාගත අපේක්ෂාවන් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
මෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සහ ඒකකවල සේවයෙහි නියුතු භටපිරිස්හි පරිපාලන කටයුතු පිළිබඳ සංවාද තුළින් විසඳුම් සෙවීමට මෙම අවස්ථාවට සහභාගිවූ කර්නල්වරුන්ට, සම්බන්ධීකරණ නිලධාරීන්ට සහ අණදෙන නිලධාරීන්ට අවස්ථාව උදාවිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් නිලධාරීන්, සෙසුනිලයින් සහ අනෙකුත් පොදු කරුණු පිළිබඳව මූලස්ථානයේ ශාඛා ප්‍රධානීන්, කර්නල්වරුන්, සම්බන්ධීකරණ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ සිදුවන සංවර්ධන ක්‍රියාවලින් පිළිබඳව සියලුම නිලධාරීන්ට අවබෝධයක් ලබාදෙනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.පී. නුගේගොඩ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මෙම අවස්ථාවට සහභාගී වූහ. Running sports | Nike Air Max 270