Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 16:42:27 Hours

මින්නේරියේදී ශ්‍රී ලංකා සංඥා බළකායේ නව නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා ඉදිකරනු ලබන නව ‘මිරිදිය පවන’ නිවාඩු නිකේතනයේ මුල්ගල් තැබීමේ උත්සවය ජුනි මස 26 දින මින්නේරිය ප්‍රදේශයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය සහභාගී වූ අතර මුල්ගල් තැබීම ද එතුමන්ගේ සුරතින් සිදුවිය.

තවද, මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගීවීමට ප්‍රථම කර්නල් සේනාවිධායකතුමන් මින්නේරිය වැව් බැම්මේ පිහිටි මින්නේරි දේවාලයෙන් ආශිර්වාද ලබාගනු ලැබීය. ඉන් අනතුරුව, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බළකා මූලස්ථානය වෙත සපැමිණි එතුමන්ව, එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.ටී. සෝමරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ජී.ජී.ඒ ගුණසේකර ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ‍. Sportswear free shipping | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092