27th June 2020 08:30:27 Hours
අභිනවයෙන් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ ඉල්ලීම පරිදි, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (20) දින 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිල ලාංඡන පළඳවනු ලැබිණි.
22 වන සේනාංකයේ සේනාංකාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී, උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනාට උණුසුම් සුබපැතුම් එක් කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය. මෙහිදී, බ්‍රිගේඩියර් නිලයට එක් නිලධාරීයෙකු සහ කර්නල් නිලයට නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස උසස්වීම් ලැබූහ. latest jordan Sneakers | GOLF NIKE SHOES