Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 17:30:27 Hours

විදේශගතව සිට පැමිණි තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (28) දින UL 1206 දරණ මගී ගුවන් යානය මගින් බෙලරූස් සිට පුද්ගලයින් දෙසිය අනූදෙනෙකු (290) සහ UL 1425 දරණ මගී ගුවන් යානය මගින් හොංකොං සිට පුද්ගලයින් විසිහය දෙනෙකු (26) මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එසේ පැමිණෙන ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (28) දින උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

තවද, අද (28) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 05 දෙනෙකු සහ ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු (01) වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව යාමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව, අද (28) දිනය වනවිට පුද්ගලයින් 16,978 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර අද (28) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48 ක් තුළ පුද්ගලයින් 5,153 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

අද (28) දින උදෑසන වනවිට විදේශයන්හි සිට පැමිණි කොවිඩ්-19 ආසාදිතයින් දහනව දෙනෙකු (19) ලෙස වාර්ථා වූ අතර, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතුවල නිරත වෙමින් සිටියදී එම පුද්ගලයින් හඳුනාගනු ලැබීය. අද (28) දින උදෑසන වනවිට පුද්ගලයන් විසිදෙනෙකු (20) පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. ඉන් දසදෙනෙකු (10) දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් දසදෙනා (10) නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් ලෙස වාර්ථා වන බව එම නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. Authentic Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys