Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2020 11:01:25 Hours

68 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පරිපාලන ගොඩනැගිලි සංකිර්ණය විවෘත කෙරේ

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානයේ පරිපාලන කටයුතු සඳහා අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය දෙකක් ඉකුත් සෙනසුරාදා (20) දින විවෘත කෙරිණි.

එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිලි දෙක චාම් උත්සවයක් අතරතුර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ සුරතින් විවෘත කරනු ලැබීනි.

මෙම උත්සවයට 68 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. 68 වන සේනාංකයේ පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට අභිනවයෙන් ඉදිකළ මෙම ගොඩනැගිලි දෙක මහෝපකාරී වනු ඇත. Sports brands | adidas Campus 80s South Park Towelie - GZ9177