Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2020 10:12:10 Hours

යාපනයේ තවත් අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබේ

යාපනය, පුන්ගුඩත්තිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (22) දින සංවිධානය කරනු ලැබූ උත්සවයකදී මුල්ගල තබනු ලැබීය.

නිවාසලාභි කනපතිප්ල්ලෙයි තවරාසා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ත්‍යාහී පූණ්‍යාධාර භාරයේ (Thiyahie Charitable Trust) නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා නව නිවස ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය මිළදී ගැනීමට මූල්‍යමය පිරිවැය දැරීමට ඉදිරිපත් විය. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ, 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 512 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 17 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබයි.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 512 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අදාළ සත්කාරය වෙනුවෙන් මුල්‍ය අනුග්‍රහය දක්වන ලද දානපති ද ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ. Authentic Sneakers | Nike SB