Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2020 06:00:50 Hours

'කොවිඩ්-19 වෛරස සහ ඩෙංගු වසංගතය’ පිළිබඳ 571 වන බලසේනාවේ භටපිරිස් දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වෙයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සහ එය සම්ප්‍රේෂණයවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකත් බ්‍රහස්පතින්දා (19) දින 571 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ගේ ඉල්ලීම පරිදි කිළිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වසංගත රෝග පිළිබඳ ප්‍රාදේශීය වෛද්‍ය, කරච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ කන්දවාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ‘කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වසංගතය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන සහ වැඩසටහන් පවත්වන ලදී.

මෙම දේශනයේදී කොවිඩ් - 19 වෛරසය සහ ඩෙංගු වසංගතය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ පියවර, නිශ්චිත ක්ෂේත්‍රයන්හි පවත්නා සහ අනාගතයේදී ඇතිවිය හැකි තර්ජන පිළිබඳව කරුණූ සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා 57 වන සේනාංකයේ සහය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අවශ්‍ය පහසුකම් 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ දොලගේ විසින් සපයන ලදී.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හා සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරීන්, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරීන් සහ දෙවන අ‍ණදෙන නිලධාරින් ද සහභාගී වූහ. Best jordan Sneakers | Nike