Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2020 06:14:50 Hours

11 වන සේනාංකයේ භටපිරිස් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා සහය දක්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ජූනි මස 19 සහ 20 දෙදින තුළ නුවර එළිය, හැටන් - දික්ඔය යන නාගරික ප්‍රදේශයන්හී ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

එහිදී, යුද්ධ හමුදා භටපිරිස් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා ගොස් අවදානමට ලක්විය හැකි ස්ථාන පිරිසිදු කළහ. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා විසින් ලබාදුන් මාර්ගෝපදේශ වලට අනුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න සහ බළඇණිවල අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි. Best Sneakers | Sneakers